Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 40 කොටස

40 කොටස

"කුමරිය ඔබ යුධ පිටිය වෙත පැමිනේවි යැයි මා කිසිසේත්ම සිතුවෙ නැහැ.. ඔබ යුධ පිටියෙහි වැටී, සෙබලුන්ගේ පාද පහරවල් වැදෙන මොහොතෙහි මා ඔබව දුටුවේ නැතිනම්.."

"දුටුවේ නැතිනම්ම්ම්..... මා ඔබේ රුධිරය දැක සිහිසුන් නොවන්නට ඉඩ තිබුනා.."

ප්‍රභා සිනාසෙමින් පැවසුවා..

"කවටකමක් නොවෙයි කුමරිය.. ප්‍රතිකාර සදහා ඔබව රැගෙන එන විටයි දුටුවෙ, ඔබේ දෑත් ඉදිමී තිබෙනවා.. ඔබට විශාල අනතුරක් සිදු වූවා නම් මේ කිසිදු ජයග්‍රහනයකින් මට ඵලක් තිබෙනවද.."

කුමරුගේ වේදනාත්මක දෑස් දෙස තව දුරටත් බලා සිටීමට ප්‍රභා ට නොහැකි වුනා..

"සමාවෙන්න කුමරුනි..එහි භයානක බව මට වැටහෙනවා.. නමුත් මට ඒ සදහා සහභාගි වීමට නොහැකි වුණා නම් මගේ ජීවිත කාලයටම ඒ පිලිබඳ පසුතැවීමක් දැනේවි.. දැන් මගේ සිත තුල ඇත්තේ විශාල සතුටක්! "

නමුත් ඇයට කුමක් හෝ අනතුරක් සිදු වූවා නම් ජීවිත කාලයටම දුක් වන්නට සිදු වන්නේ තමාට බව කුමරුට සිතුනා..
සිදු නොවූ දේ පිලිබදව කරන මේ කතාබහ ඵලක් නොවන බැවින් ඔහු වෙනත් යමක් පැවසුවා..

"ම්ම්.. ඔබ මා සමග විවාහ වීමට අකමැති යැයි පැවසුවා නේද කුමරිය.. හොදයි නමුත් විවාහ වීමට මෙතරම් ඉක්මනින් වෙනත් කුමාරිකාවක් සෙවීම තමයියි.. ගැටළුව.  නමුත් කෙසේ හෝ සොයා ගත යුතුයිනෙ.. " ;)

"වෙනත් කුමාරිකාවක් ??  සප්ත ඔබ මින් පසු කතා කරන්න එපා මා සමග..." :(

ප්‍රභා ඔහුව පසු කරමින් සඳලු තලය බැස පහලට ගියා..

"සප්ත..සප්ත නොවෙයි මා හන්සක.." :D

ඇගේ කෝප ගැන්වුනු වත දෙස බලා සිනාසෙමින් ඔහුත් ඇය පසුපසින් පහත මාලයට පැමිණියා..

අත්තම්මා දුටු මොහොතෙම ප්‍රභා ගොස් ඇයව වැළද ගත්තා..

"අත්තම්මෙ, අප සටන ජය ගත්තා!!
සමාවෙන්න එදින ඔබට නොපවසා පිටත් වන්නට සිදු වීම් ගැන.."

අත්තම්මාගේ දෙනෙත් තෙත්ව තිබුනා..

"කුමරියනි, මමයි ඔබලාගෙන් සමාව ලබා ගත යුත්තෙ.. මා කිසිලෙසකත් දැන සිටියේ නැහැ ඔබ දෙදෙනා කුමරෙකු සහ කුමරියක් බව.."

ප්‍රභාගේ මුවටද සිනාවක් නංවමින් හන්සක මෙසේ පැවසුවා..

"ඇත්තෙන්ම අත්තම්මෙ ඔබ පමනක් නොවෙයි අප පිලිබදව අප දෙදෙනාත් දැන සිටියේ නැහැනෙ.."

ප්‍රභා සහ හන්සකගේ මාලිගාව තුල අත්තම්මාටද කුටියක් වෙන් වුනා.. කුමරු සහ කුමරියගේ ඉල්ලීම මත ඇයද ඔවුන් සමග ජීවාංග රාජ්‍යයේ නැවතීමට එකඟ වුනා..

.....................................................................

නව රාජ්‍යයේ රජු ලෙස හන්සක ඔටුනු පැළදීමත් ඔහුගේ සහ ප්‍රභා කුමරියගේ විවාහ මංගල්‍ය උත්සවයත් පැවැත්වුණා.. <3
ප්‍රභා කුමරියගේ රාජ්‍යය වූ දෘඩාංග රාජ්‍යයත්, හන්සක කුමරුගේ ස්ථිරාංග රාජ්‍යයේත්, ඔවුන් දෙදෙනාගේම නව රාජ්‍යය වන ජීවාංග රාජ්‍යයත් යන රාජ්‍යය තුනෙහිම රට වැසියන් ප්‍රීති උත්සව පැවැත්වුවා..
විවාහ මංගල්‍යයයෙන් පසුව නව රාජ්‍යය නැරඹීමට යාමට හන්සක රජුට හා ප්‍රභා බිසවට අවශ්‍යය වුනා.. රට වැසියන්ගේ උණුසුම් පිලිගැනීම් ඔවුන්ට විශාල සතුටක් ගෙන ආවා..
ඔවුන්ගේ විවාහ මංගල්‍යයට මෙන්ම යුධ ජයග්‍රහනය සදහා සුභ පැතීමට අවට රාජ්‍ය වල රජවරුන් සියල්ල එහි පැමිණියා..

****************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment