Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 36 කොටස

36 කොටස

දුහුවිලි වලාවන් සටන් බිම පුරා විසිරී ගියා.. සෙබලුන්  තමන්ට හැකි උපරිමයෙන් සටන් වදිමින් සිටියා.. ප්‍රතාපසිංහ රජුගේ සෙබලුන්ගේ රෞද්‍ර ස්වාභාවය ඇග කිලිපොලා යන තරම් භයානක දසුනක් වුනා.. ඔවුන් ප්‍රචන්ඩ ලෙස සටන් වදිමින් සිටියා..

"චිත්ත ඇතුලු අනෙක් කණ්ඩායම් කොහෙද.. අප කොටසට දැන් මෙය දරා ගත නොහැකියි... මේ තරම් ප්‍රමාද කුමක් නිසාද.." හන්සක සිතුවා..

එක්වරම පැමිනි ඊතල පහරක් වටපිට බලමින් සිටි කුමරුගේ වම් උරහිසට වැදුනා.. එසැනින්ම ඔහු ඇතු පිටින් ලිස්සා යාමට පටන් ගත්තා.. හැකි වෙර යොදා රැදී සිටීමට ඔහු උත්සහ දැරුවත් අධික වේදනාව නිසා එය පහසු වුනේ නැහැ..

මොහොතකින් චිත්ත ඇතුලු අනෙක් සෙබල කණ්ඩායම් තුන සටන් බිම වෙත එලඹුනා.. ප්‍රතාපසිංහයන්ගේ සෙබලුන්ට එය දැකීමෙන් කිසිවක් සිතා ගත නොහැකි වුනා.. සෙබල පිරිස් ඉදිරියට ඇදෙමින් සටන් කලා.. තුන් පැත්තකින් පැමිනි සෙබල කණ්ඩායම් වලට මැදි වීමට ප්‍රතාපසිංහ ගේ සෙබලුනට සිදු වුනා.. කුමරුගේ සෙබලුන් දක්ශ ලෙස සටන් වදිමින් සිටියා..

සටන් බිමට එලඹෙත්ම ප්‍රභාගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුනා.. මෙතෙක් දිනක් බලාපොරොත්තු වූ ඒ තීරණාත්මක දිනය උදා වී තිබෙනවා.. ඇස් පමනක් නිරාවරණය වූ රෞද්‍ර සෙබලෙකු ඇය ඉදිරිපිටට පැමිනුනා.. ඔහුත් සමග සටන් කිරීම ඇය ආරම්භ කලා..
හදවතේ කැටි කරගත් සියලුම ශක්තීන් දෑත් ඔස්සේ ගලා එමින් තිබුනා.. සටන් කරමින් ඉදිරියට යන කුමරියගේ පාදයේ යමෙකු වැදුනා.. සේලක.. හෝරාවකට පෙර නන්දිකගේ සේනාවෙහි තමා සමග එකට පැමිණි මිතුරා ලේ ගංගාවක් මැද වැටී සිටියා.. ඇති වූ ආවේගයට ඇය තමන් සටන් කරමින් සිටි සෙබලාට පහර එල්ල කලා.

සප්ත උගන්වා තිබූ පරිදි විරුද්ධවාදියාට පෙනෙන පරිදි පහර දීමට ඉලක්ක කර තිබූ ස්ථානය එක් වරම වෙනස් කර පහරක් එල්ල කලා.. නොසිතූ ලෙස ලැබුනු පහරින් රෞද්‍ර සෙබලා එක් වරම බිම ඇද වැටුනා..
ප්‍රභාට එය ප්‍රීතියක් ගෙන දුන්නා..
"සප්ත මා එය කලා.. ඔබ මා දමා ගියේ සටනට  මා සුදුසු නොවේ යැයි කියාද.. මා එය කලා සප්ත!! "
ප්‍රභා කෑ ගැසුවා..

මේ අතර හන්සක තම උරහිසෙහි වැදී තිබූ ඊතලය අපහසුවෙන් ඇද දැම්මා.. ඉන් නිකුත් වූ  රුධිරය සිරුර පුරා විසිරුනා.. කඩුව වහා ඉනෙන් ඇදගත් ඔහු අපහසුවෙන්  නැවත සටනට එලඹුනා..

"සප්ත සෙන්පතින් කොහේද.." ප්‍රභාට එක් වරම සිහි වුනා.. දරුනු ලෙස සටන් වදිමින් සිටින සෙබලුන් අතරින් ඇයට ඔහුව පෙනුනා..

කුමරු හැකි උපරිමයෙන් කෑගසමින් නැවතත් සේනාව මෙහෙයවමින් සිටියා.. ප්‍රභාට ඔහුගේ කටහඩ ඇසෙන්නට වුනා..

"සප්ත මා සිටින්නෙ මෙහෙ..."

ඇය කෑගැසුවා.. නමුත් එකිනෙකා පරයා නැගෙන සෙබලුන්ගේ ඝෝෂා, කඩු ශබ්ද අතරින් ඔහුට එය ඇසුනේ නැහැ..
පිටුපසින් එක් වරම එල්ල වූනු පහර නිසා ඇගේ අතෙහි වූ කඩුව විසි වී ගියා..

**************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment