Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 34 කොටස

34 කොටස

"හෙට දිනයේ මට කුමක් වුවත්, සටන ඉදිරියටම ගෙන යන්න චිත්ත.. කෙසේ හෝ ජය ගත යුතුය අප..
කුමරියගේ මව් බිසවටත් පියරජුටත් පවසන්න ඇය මගේ ආරක්ශාව යටතේ සිටි බව.."

එම ප්‍රකාශය චිත්තගේ සිතට කම්පනයක් ගෙන දුන්නා..

"ඔබ කුමක් පවසනවද කුමරුනි.. ඔබට සටනේදී කුමන අනතුරක් වත් සිදු වීමට ඉඩ තබන්නේ නැහැ මා.."

කෙසේ හෝ මේ පිලිබදව චිත්තගෙන්ද පොරොන්දු ලබා ගැනීමට කුමරු සමත් වුනා..
හන්සක කුමරුටද එදින රාත්‍රියේ නින්දක් ලැබුනේ නැහැ. සප්ත සෙන්පති ලෙසට තමා අසලම සිටියේ හන්සක කුමරු බව ඇය දැන ගත් විට  ඇයට කුමක් සිතේ දැයි ඔහු කල්පනා කලා..
සවස ඇය කුමරු පිලිබදව පැවසූ දේ මතක් කරන විට ඔහුගේ මුවට සිනාවක් නැගුනා..
කුමරියගේ සිත දැනටමත් ලැබී ඇත.. යුද්ධයේ ජයග්‍රහනය හා එම රාජ්‍යය සතු වූයේ නම් මෙලොව සිටින වාසනාවනතම කුමරු තමා නොවේදැයි ඔහුට සිතුනා..
තීරණාත්මක දිනයකට හිරු එබිකම් කරමින් සිටියා.. නිද්‍රා ඖෂධ දමා තිබූ රාත්‍රී ආහාරය උදෑසන වන තෙක් ඇය අසලම තිබුනා.. අවදි වන විටම දැනුනු කුසගින්න නිසයි ඇයට සිහි වුනේ තමන් රාත්‍රී ආහාරය ලබා නොගත් බව..

"මගේ සිත රාත්‍රියේ කැළඹිලයි තිබුනෙ.. රාත්‍රි ආහාරය ගැනීමටත් අමතක වුනානෙ.. කුසගිනියි..නමුත් අත්තම්මා අවදි කලොත් සටන සදහා යාමට මට ඉඩ දෙන එකක නැහැ."
එසේ සිතූ ඇය ඉක්මනින් සූදානම් වී, සප්ත එනතුරු නොසිට සෙබළුන්ගේ කූඩාරම් දෙසට පිටත් වුනා..
"අත්තම්මෙ ඔබට නොපවසා පිටත් වන්නට සිදු වීම ගැන මට සමාවෙන්න.. මට මේ අරමුණ ඉටු කරගත යුතුයි.. සටන ජයගෙන මා පැමිනෙන්නම්.."
නිවසින් පිටත් වීමට පෙර ප්‍රභා තමාටම එසේ පවසා ගත්තා..

ඇය එහි ළගා වන විට අවසාන සෙබල කණ්ඩායමද පිටත් වීමට සූදානම් වෙමින් සිටියා.. ප්‍රභා එය දැක බොහෝ දුක් වුනා..

"ඔහු මට එලෙස කලේ ඇයි.. මා සටනට සූදානම් වුනේ කෙතරම් උනන්දුවකින්ද කියලා ඔහු දන්නවා.. ඇයි ඔහු මාව මග හැර සටනට පිටත් වුනේ.."

ඇය මෙසේ සිතමින් දුක් වන විට නන්දික එතැනට පැමිනියා.. ඔහු එම සෙබල පිරිසේ නයකයායි.

"බිම්සර , ඔබ ඇයි ප්‍රමාද වූයේ.. ඔබ අයත් සප්ත  සෙන්පතිතුමාගේ  කණ්ඩායම තමයි ප්‍රථමයෙන් පිටත් වුනේ.. නමුත් ඔබ නැති බව සදහන් වුනේ නැහැනෙ ඔවුන්ගෙන්.. කමක් නැහැ කෙසේ හෝ ඔබ පැමිනියනෙ.. පිටත් වෙමු අපේ කණ්ඩායම සමග.. "

ප්‍රභා ඔවුන්ගෙන් ආහාරද ඉල්ලා ගෙන කුසගිනි නිවා ගත්තා.. පසුව ඔවුන් සමග සටන් බිම බලා පිටත් වුණා..

**************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment