Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 17 කොටස

17 කොටස.

ඔව්! ඇගේ ඉලක්ක්කය සාර්ථක වුනා.. බලාපොරොත්තු නොවුන ලෙස එල්ල වුනු  ඊතල පහරෙන් කැලෑ දිවියා කලබල වුනා. දිවියාගේ ගෙරවීම් බොහෝ දුරකට ඇසුනා..
ඒ වන විටත් ප්‍රභා දෙවන ඊතලයද සූදානම් කරගෙනයි සිටියෙ.. දිවියාගේ දැගලීම් නිසා ඇයට එල්ලය ලබා ගැනීම අසීරුව තිබුනා.. ඇය සිත දැඩි කර ගෙන දෙවන ඊතලයද මුදා හැරියා.. එය දිවියා ගේ උදරයට වැදුනා..
දිවියා රෞද්‍ර ලෙස ගොරවමින් ප්‍රභා සිටි ගස අසල කැරකෙමින් සිටියා.. එදෙස බලා සිටීමටවත් නොහැකි වන ලෙස ඇගේ සිතේ ශක්තිය හීන වෙමින් තිබුනා..
දිවියාටද ගස් නැගිය හැකි බව අවාසනාවට කුමරිය දැන සිටියේ නැහැ.. කෙසේ නමුත් ප්‍රභාගේ තෙවන ඊතල පහරටද මුහුන දීමට දිවියාට සිදු වුනා.. කුමරිය වේගයෙන් ගැහෙමින් සිටියා..ඇය අතින් දුන්න බිමට වැටුණා..
දිවියා තවත් කොපමන වේලාවක් මෙසේ දගලමින් සිටීද යන වග පිළිබද ඇයට අදහසක් තිබුනේ නැහැ. ඇති වූ බිය නිසා ශරීරය අප්‍රාණික වනු දැනුන හෙයින් ඇය දැඩිව ගස බදා ගත්තා.. කුමරියගේ දෑස් වලින් කදුළු ගලමින් තිබුනා...

හෝරා කිහිපයක්ම දිවියා ගේ වේදනාත්මක, රෞද්‍ර කෑගැසීම් අසා සිටීමට ප්‍රභාට සිදු වුනා.. ඊතල වැදුනු වේදනාව නිසා දගලමින් සිටියත් විෂ ශරීර ගත වීම නිසා දිවියා කෙමෙන් කෙමෙන් අප්‍රාණික වෙමින් සිටියා...

දිවියාගේ වේදනාත්මක කෑගැසීම් සප්ත හා චිත්තට ඒ වන විටත් ඇසී තිබුණා.. ඔවුන් මේ දෙසට එමින් සිටියා.. තමා කල අඥාන කතාව පිළිබදව චිත්ත තම සිතෙන් පසුතැවෙමින් සිටියා.. ඔහුගේ හැඟීම් තේරුම් ගැනීමට සප්තට හැකි වුනා..

"ඔබ එසේ පැවසුවෙ ඔහුව අනතුරක දැමීමට නොවන බව ඇත්තයි... එහෙත් ඔබට එවැනි දෙයක් නොපවසා ඉන්නයි තිබුනෙ චිත්ත... කෙසේ නමුත් අපේ සෙබල කණ්ඩායමේ කිසිදු සෙබලෙක් දිවියාට මුහුණ දීමට තනිව නම් මෙහි නොඑන බව මට විශ්වාසයි..මේ නිර්භීත තරුණයා නම් මට මුණ ගැසිය යුතුමයි..

කෙමෙන් ඔවුන් ප්‍රභා සිටි දිශාවට ලං වුනා. වේදනාවෙන් කෙදිරි ගාමින් වැටී සිටින දිවියාව ඔවුන්ට දැක ගත හැකි වුණා..
"කොහේද තරුණයා.. "
සප්ත විපර්ම් කරන්නට වුණා..

"සෙන්පතිතුමනි"

ප්‍රභාගේ සිහින් හඩ ගස දෙසින් ඔවුන්ට ඇසුනා.. සප්ත දිව ගොස් ඇයට ගසෙන් බිමට බැසීමට උදව් කලා.. ඒ වන විටත් ප්‍රභා ගැහෙමින් සිටියා..
සප්ත මද සිනාවක් නගා ගනිමින් මෙසේ පැවසුවා..

"අපූරු තරුණයෙක්නෙ ඔබ..තරුණියක් මෙන් හඩනවනෙ... කෙසේද ඔබ ඊතල දෙක තුනකින් දිවියාව මෙපමන අඩපන කලේ..? "

ප්‍රභා මීට පෙර දැක නැති ඔහු දෙස විමතියෙන් බලා සිටියා.. ඒ සේනාවට පැමිනි නව සෙන්පති බව චිත්ත ඇයට හදුන්වා දුන්නා..

"මා එම ඊතල වලට විශ යෙදුවා.. "

ප්‍රභා තම වතෙහි තිබූ කදුළු වැල් පිසදා ගනිමින් පැවසුවා..

"අපූරුයි ඔබේ අදහස නම්... එහෙත් ඇයි ඔබ මෙතරම් අවධානමක් ගත්තෙ..?  අපේ හමුදාවට බැදීමට එතරම් උනන්දුවක්..? "

සප්ත සෙන්පති ප්‍රශ්න කලා...

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment