Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 19 කොටස

19 කොටස

"ඔබට ඇවිදීමට අපහසුයි අක්කණ්ඩි..සිටින්න මා එය වෙලන්නම්. "

අත්තම්මාගේ කුඩා නිවසේ දී ඉවුම් පිහුම් මෙන්ම විවිධ බෙහෙත් වර්ගද ප්‍රභා ඉගෙන ගනිමින් සිටියා..ඇය මදක් දුර ගොස් ගෙන ආ ශාක කොටස් කුඩා කැබලි ලෙස අඹරා ගත්තා.චිත්ත තම යට සාළුවෙන් කොටසක් ඉරා වෙලීම සදහා දුන්නා..
ප්‍රභා බෙහෙත් බැඳ අවසන් වූ පසු සමුද්‍රා ඔවුන් දෙස කෘතඥපූර්වකව බලා සිටියා..

"ඔබලට ගොඩක් ස්තූතියි.."

ඇයව ගම දෙසට ඇරලවීමට චිත්ත  භාර ගත්තා.සප්ත සහ බිම්සර අත්තම්මගේ නිවස බලා පිටත් වුනා..
ඔවුන් කුමරුගේ හමුදාවේ සෙබලුන් යැයි ඇයට පැවසීම අණුවන දෙයක් බව සප්තට වැටහුනා..එසේ වෙන් වීමට ප්‍රථම සප්ත සෙන්පති , සමුද්‍රා වෙත මෙසේ පැවසුවා..

"නැගණිය.. ඔබට අපව හමු වූ බව ගම් වැසියන්ට නොපවසන ලෙස ඉල්ලීමක් කරන්නට තිබෙනවා..
අප විශේෂ රාජකාරියකටයි යන්නෙ..කුමරුගේ හමුදාවක් ගැන කිසිවෙකු දැන ගන්නවාට අප කැමති නැහැ.. ඔබේ තුවාල වලට බෙහෙත් දැමුවේ කවුරුන්ද ඇසුවොත් වනාන්තරයේ කුඩා නිවසේ ජීවත්වන අත්තම්මා යැයි පවසන්න..ඔබ අපට ඒ උපකාරය කරන්න. "

"හොදයි මා එසේ කරන්නම්..ඔබලා නොසිටින්නට මා එහි ම මිය යන්නට තිබුනා.. කල උපකාරයට ස්තූතියි..

සමුද්‍රාව වනාන්තරයේ කෙලවරට ඇරලූ චිත්ත, ඇය ගමට යන තෙක්ම බලා සිටියා..පාදයේ තුවාලයේ වේදනාව ඇයට අමතක වන තෙක් චිත්ත අතරමග ඇයට කවට කතා කියමින් පැමිණියා..
ඇය පිළිබඳව අමුතු ලෙන්ගතුකමකින් ඔහුගේ සිත පිරී තිබුනා.. තවත් දිනෙක ඇයව මුන ගැසෙනවානම් යැයි සිතමින් ඔහු ආපසු පැමිනීමට පිටත් වුනා..
සප්ත, බිම්සරව අත්තම්මගේ නිවසටම ගොස් භාර දුන්නා..බිම්සරව දුටු මොහොතේම අත්තම්මා දුවගෙන විත් ඔහුව වැළඳ ගත්තා..

"හිතුවක්කාර දරුවා! ඔබට කුමක් හෝ අනතුරක් සිදු වුනා නම්... :'( "

පසු දින සිටම ප්‍රභා ඔවුන්ගේ පුහුණු වීම් සදහා එකතු වුනා.. චිත්ත හා සප්ත සෙන්පතීන්ගේ නායකත්වය යටතේ සෙමෙන් සෙමෙන් විශාල වන දක්ශ සෙබල පිරිසක් නිර්මාණය වුනා..

"චිත්ත,, සෙබල ප්‍රමානය දහස ඉක්මවා ගන්නටවත් සිදු වේවී.. ප්‍රතාපසිංහයන්ගේ හමුදාවේ රහස් දැන ගැනීමට  ඔත්තුකරුවන් දෙදෙනෙකු පිටත් කර තිබෙන්නෙ. ඔවුන්ට නිසි ලෙස රාජකාරිය කිරීමට හැකි වුවොත් එය අපේ සාර්ථකත්වයයි..

සප්ත පැවසුවා..

"සෙන්පතිතුමනි අපට තවත් ආයුධ පිළිබඳ ගැටළුවක් තිබෙනවා.. එන විට රැගෙන ආවාට අමතරව තවත් සාදන්න්ට සිදු වේවි. ආහාර වුවත් අපේ කණ්ඩායම් කොටස් වශයෙන් වෙන් කර අත්තම්මා ගේ උදව්ව සදහා යවනවා.. එවිට ඒ කොටසකගේ පුහුණුවීම්  අතපසු වෙනවා..සෙන්පතිතුමනි මගේ අදහස නම් අප ගම් වැසියන්ගෙන් උදව් ලබා ගත යුතුයි.."

********************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment