Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 15 කොටස

15 කොටස

කුමරියගේ සිතට කෙමෙන් කෙමෙන් බිය ඇතුළු වන්නට පටන් ගත්තා.. "එය ඇත්තෙන්ම විශ සහගත කිරි වර්ගයක්ද.. එසේ නොවුනහොත්.... ඊතල වැදුනු විගස දිවියා දරුණු වේවි.."
ගසකට නැග ගැනීමට ඇයට අදහසක් ආවා..ඒ සදහා සුදුසු ගසක් අවසානයේ ඇය සොයා ගත්තා..
"මා කෙසේද මෙයට නගින්නෙ..මා මීට පෙර ගස් නැග නැහැනෙ.." ඇය ගස දිගේ බඩගාන්නට පටන් ගත්තා..දුන්නේ සහ ඊතල වල බර නිසාත් ඇය දෙවතාවක්ම ගසෙන් ලිස්සා වැටුනා.
පාදයේ සීරුම් ඇති වී ලේ ගලමින් තිබුනද ඇය උත්සාහය අත්   හැරියේ නැහැ..අවසානයේ ප්‍රභා එයට නැග දෙබලක් මත හිඳගෙන අවට බලා සිටියා..

මේ අතර සෙබල කණ්ඩායමට නායකත්වය දීමට නව සෙන්පති කෙනෙකු එදින පැමිනියා..ඔහු කුමරුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවයි පැවසුනේ..නමින් ඔහු සප්ත.චිත්ත සෙන්පති පමණයි ඔහුව කලින් හදුනාගෙන තිබුනෙ.චිත්ත බොහෝ ගෞරවයෙන් ඔහුව පිලිගත්තා..

අත්තම්මා උදෑසන අවදි වන විටත් ප්‍රභා නිවසේ සිටියේ නැහැ..ඇය බොහෝ දින වල සෙබලුන් පුහුණු වන ස්ථානයට උදෑසනම යන බැවින් අත්තම්මා ඒ පිලිබදව වැඩිදුර සිතුවේ නැහැ.
නමුත් කෙමෙන් දිවාකල පසු වන විට ඇගේ සිතට බියක් නැගුනා.. දිවා ආහාරයට අනෙක් සෙබලුන් පැමිනියත් ඒ අතර ප්‍රභා සිටියේ නැහැ.ඇය වහාම සෙබලුන් පුහුණු වන ස්ථානයට ගියා..
නව සෙන්පති සප්ත හා චිත්ත සෙන්පතීන් සෙබලුන් හා එක්ව  කථා බහ කරමින් සිටියා.. අත්තම්මා කෙදිනකවත් එසේ පැමින නැති නිසාත්, ඇගේ මුහුනේ තිබූ කලබලකාරී ස්වාභාවය නිසාත් චිත්ත වහා ඉදිරියට පැමිනියා..

"සෙන්පතිතුමනි,, බිම්සර කොහේද සිටින්නෙ..? ඔහු උදෑසනම නිවසින් පිටත්ව ගියා... නමුත් තවම පැමිනියේ නැහැ.."

අත්තම්මා විමසුවා..

"බිම්සර...ඔහු අද මෙහි පැමිනියේ නැහැ.. ඊයේ මා දුන් අභියෝගයෙන් පසු කිසි විට්කත් ඔහු සේනාවට  බැදෙන්නට නම් සිතන එකක් නැහැ. :D "

චිත්ත මද සිනාවක් සමගින් පැවසුවා..

එය ඇසීමෙන් අත්තම්මා බොහෝ කලබල වුනා.. සප්ත සෙන්පතිතුමා ද මේ සියලු කතාබහ අසාගෙනයි සිටියෙ.. මෙසේ විමසුවා..

"කුමකද චිත්ත ඔබගේ අභියෝගය...?
කවුරුන්ද බිම්සර කියන්නෙ..? "

*******************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment