Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 21 කොටස

21 කොටස

සෙබලුන් ට ආහාර සැපයීම තව දුරටත් අත්තම්මා මත පැවරුනේ නැහැ.පුහුණුවීම් වලදී තුවාල ලැබූ සෙබලුන්ට ප්‍රතිකාර කිරීම පමනක් ඇය අතින් සිදු වුණා.. ඇතැම් විට තුවාල ලැබූ සෙබලුන් එම නිවසේ දින කිහිපයක් නවාතැන්ගෙන සිටින නිසා ප්‍රභාට රාත්‍රියට හෝ තරුණියක් ලෙස හැඳ පැළද සිටීමට අවකාශය ලැබුනේ නැහැ..
ප්‍රතාපසිංහ රජුගේ හමුදාවේ ඔත්තු බැලීම සදහා යැවූ කුමරුගේ සෙබලුන් දෙදෙනා තම රාජකාරි අසාර්ථකව නැවත පැමිනුනා..

"ඔවුන්ගේ රහස් දැන ගැනීම ඉතා දුෂ්කර කාර්යක් සෙන්පතිතුමනි.. අවසානයේ අපට නැවත පැමිනෙන්නට සිදු වුණා.."

සප්ත සෙන්පතිතුමා බොහෝ කෝප වුණා..ඔහු එතරම් කෝපයෙන් සිටිනු කිසිවෙකුත් මින් පෙර දැක තිබුනේ නැහැ.

"මා කෙතරම් බලාපොරොත්තු තබාගෙනද සිටියෙ ඒ පිළිබදව..කිසිම තොරතුරක් නොමැතිව ඔවුන් ආපසු පැමිනිලා.."

ප්‍රභා ඔහු අසලට යන්න තැත් කලත් චිත්ත එයට ඉඩ දුන්නේ නැහැ.

"එපා බිම්සර.ඔහු කෝපයෙන් සිටින විට අසලට යන්න එපා..ඔහුට තනිව සිටීමට ඉඩ දෙන්න.."

ඇයට බොහෝ කණගාටු දැනුණා..

"සප්ත ඔබ දුකින් සිටින්නට එපා.. අපට ජය ගත හැකියි. මට විශ්වාසයි! "
ප්‍රභා තමාටම මුමුණා ගත්තා..

පසු දින කඩු සටන් කරමින් සිටියදී සප්ත සෙන්පතිගේ උරහිසේ ආබාධයක් ඇතිවුණා.. ප්‍රථමයෙන් එතනට පැමිණියේ ප්‍රභා.

"සෙන්පතිතුමනි,, අත්තම්මා වෙතට යමු.. ඔබට ප්‍රතිකාර අවශ්‍යයි."

"නැහැ බිම්සර.. මා මෙසේ මදක් විවේක ගෙන නැවත සටන් පුහුණුව අරඹන්නම්.අපට තව වැඩි කලක් නැහැනෙ.."

සප්ත පැවසුවා..

"සෙන්පතිතුමනි,, සෑම දෙයකම කලින් ඔබ සුව වී සිටිය යුතුයිනෙ.. මුරණ්ඩු නොවී යමූ....."

බිම්සරගේ බල කිරීම නිසා සප්ත සෙන්පතිතුමාට එහි යාමට සිදු වුණා..
දින තුනක් පමන ඔහුට ඖෂධ ප්‍රතිකාර ලැබීම අත්තම්මාගේ  නිවසින් සිදු වුණා..ප්‍රභා ඔහු අසලින් නොසෙල්වී සුව වන තෙක් අසලම සිටියා..

"බිම්සර ඔබ පුහුනුවීම්  සදහා යන්න..නිරන්තර පුහුණුවීම්  අවශයයි සටනට පෙර..මට ඖෂධ ලබා දීමට අත්තම්මා සිටිනවානෙ.."

ප්‍රභාව පුහුනුවීම් සදහා නැවත යැවීමට ඔහුගේ එම වචන වලට නොහැකි වුනා..
පසු දින අත්තම්මගෙ නිවස වෙත තරුණියක් පැමිණියා..
ඇය පැමිණියේ චිත්ත සෙන්පතිතුමාත් සමග.. ඇය දුටු විටම ප්‍රභා මෙසේ කෑ ගැසුවා..

"සප්ත සෙන්පතිතුමනි, බලන්න මේ කවුරුන්ද පැමිණ තිබෙන්නේ කියලා.. පැමිනෙන්න චිත්ත සෙන්පතිතුමනි.. පැමිනෙන්න අක්කණ්ඩි.."

සමුද්‍රා චිත්ත සෙන්පති සමග එහි පැමින තිබුනා..ඇය සප්ත සෙන්පතිතුමාට මෙසේ පැවසුවා..

"ඔබේ සේනාව සදහා ආහාර සැපයීමට භාර වූ එක් නිවසක් අපගේ නිවස.  චිත්ත සෙන්පතිතුමා එහි පැමිනි දිනයේ මා නිවසේ සිටියේ නැහැනෙ.ආහාර පිසුවෙ මමයි අද... ඔබ අසනීපෙන් යැයි දැන ගන්නට ලැබුනා සෙන්පතිතුමනි..මා ආහාර ගෙන ආවා ඔබ දෙදෙනාටත්.."

ඔවුන්  තිදෙනා එම ආහාර අනුභව කලා.. 

"ඔබ ආහාර පිසීමට දක්ශයිනෙ  අක්කණ්ඩි! ඇත්තෙන්ම හරිම රසයි.."

ප්‍රභා පැවසුවා..සප්ත සෙන්පතිත් එය අගය කරමින් කථා කලා.."

අත්තම්මා මුළුතැන්ගෙය වෙත යන තෙක්  බලා සිටි ප්‍රභා කවට සිනාවක් මවා ගනිමින් සමුද්‍රා ට මෙසේ පැවසුවා..

"අක්කණ්ඩි..., ඔබ චිත්ත සෙන්පතිතුමාට පමනනෙ සෑම විටම අඩු පාඩු බෙදන්නෙ... "

"එසේ නොවෙයියි...."

ඇය ලැජ්ජවෙන් පවසා ඔවුන්ටද නැවත ආහාර බෙදුවා..

*************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment