Wednesday, September 14, 2016

කාලය හරහා සීගිරි අතීතයට... 03 කොටස

3 කොටස

මුතූ පසු කර යන සියල්ලෝම හිසේ සිට පාදාන්තය දක්වාම ඇයව නිරීක්ෂනය කිරීමට නැවතී යයි... ඔවුන් ඇයව නිරීක්ෂනය කරන අතරේ ඇය ඔවුන්ව නිරීක්ෂනය කලා ය..
සියල්ලන්ම ඇද සිටියේ පඬුවන් කහ පැහැයකින් යුත් ඇදුම් ය. සෙබළුන් තද දුඹුරු පැහැ යට සළු වලින් හා හැට්ටයක් වැන්නක් ඇද සිටී.. ඔවුන් අතෙහි වූ ආයුධ කෙලවර උලක් වැනිය.. එම ආයුධය වානේ විය යුතු යැයි මුතූ දුටු පමනින් සිතීය.. සීගිරි නගරය කැනීම් වලදී වානේ කම්හලක නටඹුන් හමු වූ බව ඇය අසා තිබිනි..

පණ බේරා ගෙන ආපසු යාමට ලැබුනොත් මෙය ඈ ජීවිතයටම ලද වටිනාම අත්දැකීම වනු නොඅනුමානය.. එහෙත් නැවත ආපසු යාමට නම් පර්වතය මුදුනට කෙසේ හෝ යා යුතුය..
ඇයට වතුර පිපාසය දැනෙන්නට විය.. බෑගය සෙබළුන් විසින් අත් කරගෙන තිබූ බැවින් කලයුතු කිසිවක් නුවූයේය. ඈතින් ඈතට විහිදී ඇති පොකුනු හා ජලමල් පරිසරය දැකීම ඇගේ පිපාසය තවත් වැඩි කරලීමට සමත් විය. පිපාසයෙන් හා කුසගින්නෙන්ම මිය යාමට සිදුවේදැයි ඇයට සිතිනි. :(

තවත් මොහොතකින් ඇය රැගෙන ආ සෙබළුන් විසින්ම කලු පැහැ පුද්ගලයෙකු මෙහි ගෙනෙන ලදී.. මුතූව බැද දැමූ අයුරින්ම ඔවුන් ඔහුවත් බැඳ දැමූ අතර එම පුද්ගලයා ඇත් ගොව්වෙකු බව සෙබළුන් ගේ කථාබහින් ඇයට තේරුම් ගත හැකි විය.. නමුත් ඔහු රැගෙන ආ හේතුව පැහැදිලි නැත..

අහස ගුගුරවන සේ එක් වරම නැගුනු ශබ්දයෙන් කිසිවෙකුත් කලබල වූ බවක් පෙනෙන්නට තිබුනේ නැත. විශ්මයට පත් වූ ප්‍රභා අවට විපරම් ලෙස බැලුවාය.. ගුවන් යානයක මෙන් අහස ගුගුරවමින් හා දුම්රියක මෙන් "කට කටස්" යන හඩක් ඉහල අහසින් නැගෙන්නට විය.. ප්‍රභා එදෙසට නෙත් යොමු කලාය.. සීගිරි ගල මුදුනේ සිට කකුළුවකු ගල දිගේ පහලට බසින්නාක් මෙන් දර්ශනය විය.. ඈතට දිස් වූයේ කළු පැහැ නූල් වල ආධාරයෙන් ගල මතින් පහතට බසිනා කකුළුවෙක් වැන්නකි..

කර්කටක යන්ත්‍රය!! එහෙනම් මේ ඒකයි.. මුතූ විසල් දෙනෙතින් එදෙස බලා සිටියාය. සෙබළුන් විසින් වහා ඇය සහ අනෙක් පුද්ගලයාව  කනුවෙන් ලිහා දමා එදෙසට රැගෙන ගියෝය.  ඔවුන්ව පර්වතය මුදුනට රැගෙන යාමට සැරසෙනු ඇතැයි මුතූ අනුමාන කලාය.. එය එසේම විය..
ලී වලින් තැනුනු කෙටි තරප්පුවක් ඔස්සේ සෙබලුන් විසින් ඇයව එයට නැග්ගවීය..
කුඩා ගඩොල්, කලුගල් මෙන්ම මැටිද ඔවුන් සිටි යන්ත්‍රය තුලට ගොඩ කරන ලදී..

ඇත්තෙන්ම එය නම් පුදුම එලවන සුළු නිමැවුමකි.. කෙටි තරප්පු පෙලෙහි පටන් ඇතුලෙහි වූ අත්වැටවල් පවා අලංකාර කැටයමින් නිමවී තිබිනි.. කළු පැහැ නූල් මෙන් දිස් වූයේ යකඩ දම්වැල් බව යන්ත්‍රය දෙසට ලගා වන විට ඇයට දැක ගත හැකි විය.. නූතනයේ මෙන්ම යකඩ භාවිතය මෙලෙස සුලබ වීම නම් ඇත්තෙන්ම අපූරුය..

ඔවුන්ගේ කාර්ය නිම වූ පසු යන්ත්‍රයෙන් පිටත සිටියෙකු විසින් සුදු පැහැති කොඩියක් මෙන් වූ රෙදි කැබැල්ලක් ඉහලට පෙනෙන අයුරින් වනන්නට විය.. එසේ නම් මෙහි ක්‍රියාකාරිත්වය පාලනය වන්නෙ ඉහලින් විය යුතුයි. එය දකින තෙක් මුතූට ඉවසිල්ලක් නොවීය..
එවිටම පෙර ලෙසම " ටක ටකස්" යන ශබ්දය පරිසරය පුරා රැව් දෙමින් යන්ත්‍රය ගල මුදුන වෙත ඇදී යන්නට විය.. මුතූගේ දෑත් බැද තිබූ බැවින් අත්වැටක් හෝ අල්ලා ගැනීමට නොහැකි විය.. කකුළුවකුගේ අඬු මෙන් දිස් වූයේ යන්ත්‍රයේ දැති ය.. ගලෙහි කපා ඇති කට්ට මතින්  එම දැති ගමන් කරන බව පිටත බැලූ ඇයට පෙනිනි..

ඈතින් ඈතට උස් වී යන පවුරුද , ජල මල් උයන්ද දිව්‍ය විමානයක් සැබෑ ලෙස දැක්මක් මෙන් විය.. කුහුඹු ගහනයක කුහුඹුවන් මෙන් පඬු පැහැ සළු වලින් සැරසී ගත් මිනිසුන් එහෙ මෙහෙ යනු ඇයට පෙනිනි.. පර්වත පාමුල වූ කුඩා මාලිගාද ඇගේ නෙත ගැටිනි.

*************************************

(මතු සම්බන්ධයි.)

No comments:

Post a Comment