Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 35 කොටස

35 කොටස

කුමරුන් විසින් ප්‍රතාපසිංහ රජුට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කලා.. එය දුටු ප්‍රතාපසිංහ  රජු කුමරු කවුරුන්ද යන වග සොයා බලා දැන ගත්තා.. මේ අසල රාජ්‍යයේ නිශ්ශංක රජුගේ පුත් හන්සක කුමරු බව ඔහු දැන ගත්තා.. කුමරුගේ මේ ක්‍රියාව ඔහු සරදමක් ලෙස සිතුවා..

"කුමක්ද... වයස 19 ක තරුණ කුමරෙක් මට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කර තිබෙනවා..? හහ්. කුමක්ද මේ සරදම.."

මෙය කුඩා දරුවකුගේ සෙල්ලමක් සේ සිතා රජු මහ හඩින් සිනාසුනා..

"ඇතැම් විට ඔහුගේ පියාණන් මා පිලිබදව ඔහුට පවසා නැතිව ඇති.. හොදයි මා කව්ද කියා ඔවුන් අද අත්දැකීමෙන්ම දැන ගනීවි.. අපගේ සෙබලුන්ටත් බොහෝ කාලයකින් යුද්ධයකට මුහුන දීමට අවස්ථාවක් ලැබුනෙ නැහැනෙ. මෙය කදිම අවස්තාවක් වේවි.."  :D

මේ ක්‍රියාවම හේතුවක් ලෙස යොදා ගනිමින් ස්ථිරාංග රාජ්‍ය ආක්‍රමනය කල හැකි බවට රජුට අදහසක් ආවා.. මෙය සිහි වීමෙන් ප්‍රතාපසිංහ රජුට සතුටක් ඇති වුනා..
ප්‍රතාපසිංහ රජු තම සේනාව පිටත් කර  හැරියා.. ජාල හස්තියා මත නැගි කුමරු තම සෙබල කණ්ඩායම ද සමග කඳු පාමුල තැනිතලාවට වී බලා සිටියා.. අනෙක් කණ්ඩායම් තුන කදු වැටියට එපිටින් සූදානමින් සිටියා..
ප්‍රතාපසිංහ රජුගේ සෙබල ප්‍රධානියාට කුමරුගේ හමුදාව දැකීමෙන් සිනහ පහල වුනා..

"රජු පැවසූ ලෙසම කුඩා දරුවාට සෙල්ලම් කිරීමට අවශ්‍ය වෙලා.."

කුඩා කල සිටම හන්සක කුමරුන් සටන් ශිල්පය සදහා බොහෝ කැමැත්තක් සහ දක්ශතාවක් දැක්වුවා.. මේ නිසාම පියරජු විසින් ඔහුට රාජ්‍යයේ මෙන්ම අසල රාජ්‍යන්හි ද දක්ශතම ආචාරීන් ගෙන්වා සියලුම ශිල්ප පිලිබදව පුහුණුවක් ලබා දුන්නා.. කුමරුන් ඒ සියලු ශිල්ප මනාව ඉගෙන ගත්තා.. මෙම සෙබල කණ්ඩායම් වලට නායකත්වය දෙමින් ඔහු විසින් ම සියලුම සෙබලුන්ට එම ශිල්ප පිලිබදව මනා පුහුණුවක් ලබා දී තිබුනා..
තැනිතලාව මතදී කුමරුගේ සේනා කොටසට ප්‍රතාපසිංහ රජුගේ හමුදාව මුන ගැසුනා..
කන් බිහිරි කරවන තරම් ඝෝෂා සෙබලුන්ගේ මුවින් නිකුත් වුනා.. තමන්ට නායකත්වය ලබා දෙන මේ සප්ත සෙන්පතීන් හන්සක කුමරු බව කිසිදු සෙබලෙකු දැන සිටියේ නැහැ..
සටන් ඇරඹීම සදහා සංඥාවක් ලැබෙන තුරු සෙබලුන් නොයිවසිලිමත්ව බලා සිටියා..

"පහර දෙනු!!"

කුමරුගේ හඩ යුදපිටිය සිසාරා නැගුනා..
සටන එසේ ඇරඹුනා..
කුමරු තම කණ්ඩායම මනා ලෙස මෙහෙයවමින් සිටියා..

**************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment