Tuesday, September 13, 2016

කුමරිය ප්‍රභා 08 කොටස

08 කොටස.

කුසට අහරක් නොමැතිව උමතුවෙන් මෙන් කුමරිය ගමන් කලා.දින දෙකක් අවසන් වන විට ඇයට තවත් ගමන් කල නොහැකි ලෙස ශරීරය අප්‍රාණික වනු දැනුනා.
කටු පදුරෙන් වූ සීරුම් තුවාල වල වේදනාවටත් වඩා සිතේ වේදනාව බලවත් බැවින් තුවාල වේදනාව ඇයට දැනුනේ නැහැ.තවත් දුර යා නොහැකි බව දැනුන නිසා ඇය ගසක් යට ඉද ගත්තා.
ඊට මදක් ඈතින් අතු කැඩෙන හඩක් ඇසුනා.ඒ කුමක් දැයි විමසා බලන්නට වත් කුමරියට අපහසු වුනා.ඒ හඩ ටිකින් ටික ලං වුනා.මොහොතකින් දර මිටියක් ඉනෙන් ගත් මහලු කාන්තාවක් දැක ගත හැකි වුනා.දෙවියනේ.....ගැහැණු ළමයෙක්!!....මේ මහ කැලේ තනියම!.... විවර කර ගත් මුව වසා ගත නොහැකිව මහලු කාන්තාව ප්‍රභා දෙස බලා සිටියා.. මැය අසල ගමෙහි ගැහැණු ලමයෙකු නම් නොවන බව දැන ගත්තා.

"කුමක්ද දරුවො මේ මහ කැලෑවෙ....ඔබ...."

කාන්තාව ප්‍රභා අසලටම පැමිණියා.

"මම.... දෘඩාංග රාජ්‍යයේ..."

ප්‍රභා ඉතා අමාරුවෙන් පැවසුවා.තවත් කතා කිරීමටවත්  ඇයට නොහැකි බව තේරුම් ගත් කාන්තාව ප්‍රභාව අපහසුවෙන් වත්තම් කර ගෙන තමා ජීවත් වන කුඩා පැල්පත වෙත රැගෙන ගියා..
ඇත්තෙන්ම කුමරිය පැමිණ තිබුනේ ජීවාංග රාජ්‍යයටයි.එය කුමරියගෙ රාජ්‍යයට ආසන්න අනෙක් රාජ්‍යයයි.කුමරියගේ වාසනාවකට ඇය අනතුරකට පත් නොවුනත්, ගැහැණු ළමයෙකු නොව රාජ්‍ය හමුදාවේ සෙබලෙකු පවා තනිව නොපැමිනෙන  බියකරු වනාන්තරයකුයි එය..
කෙසේ හෝ අත්තම්මාගේ කරුණාවත්,ප්‍රතිකාරත්, ආහාරත් නිසා ප්‍රභා නොබෝ දිනකින්ම යලි ප්‍රකෘති තත්වයට පත් වුනා.
අත්තම්මා ඇසූ ප්‍රශ්න වලට කුමරිය බියෙන් නමුත් මුසාවෙන් පිලිතුරු දුන්නා..

"මට සිටියේ...මගේ පියා පමනයි..අපි දෘඩාංග රාජ්‍යයේ..නොකල වරදකට... ඔහුව පණ්ඩුක රජු වෙතට ගෙනයාමට නියෝග ලැබුනා.. ඔහු ඒලෙස සොරකමක් කලේ නැහැ..මා දන්නව. අපි වනාන්තරයට පැමිනියෙ සෙබලුන්ගෙන් ආරක්ශා වීමට.. නමුත් අතර මගදි උල් දත් ඇති නපුරු සතෙකු ඔහුව......"

ප්‍රභා ට කියා ගත හැකි වූයේ එපමනයි.ඇයට සචින්තනා සිහි වීමෙන් හඩන්නට වුනා.අත්තම්මා බිහෝ අනුකම්පාවෙන් අසලට පැමින ප්‍රභාගේ හිස අත ගෑවා.ඇගේ පියා දිවියාගේ දරුනු ප්‍රහාර වලින් මිය ගොස් ඇතැයි අත්තම්මාට සිතා ගත හැකි වුනා.

"මේ අහන්න දරුවො.. මේ පැල්පතේ ජීවත් වෙන්නෙ මා තනිවම.ඔබට පුළුවන් මෙහෙ ජීවත් වෙන්න මා සමග.."

එම වචන ප්‍රභාගේ සිතට සැනසීමක් ගෙනාවා.. එම පැල්පතට දුරින් ගමක් තිබුනා..නමුත් ගම සමග අත්තම්මගේ වැඩි ඇසුරක් නොමැති බව ප්‍රභාට නොබෝ දිනකින්ම වැටහුනා..අත්තම්මාගේ කුඩා නිවසට මදක් ඈතින් කුඩා දොල පාරක් තිබුනා.. නමුත් එහි තනිව යෑමට ඇයට අත්තම්මා ඉඩ දුන්නේ නැහැ.ප්‍රභාට තනිව වනාන්තරයේ ඈතට යාමට ඇය ඉඩ දුන්නේත් නැහැ.
දොලෙහි නාන විට....
රාත්‍රියට ඈත තුරු මුදුන් අතරින් ගලා එන සද රැස් දෙස පැලේ කවුළුවෙන් බලා සිටින විට.....
අත්තම්මාගේ ජීවිතයේ රසවත් මෙන්ම දුක් මුසු කතා අසා සිටින විට...
ප්‍රභා ගේ සිත අමුතු සුන්දර හැගීමකින් පිරී ගියා..තමා ඇත්තෙන්ම ජීවත් වන බව ඇයට හැඟී ගියා.. මාලිගාවේ තරම් කිසිදු දෙයක් සැප පහසු නොවූවත් ප්‍රභා ගේ සිතට නම් දැනුනෙ මාලිගා දහයක ජීවත් වනවාටත් වඩා සැපක්!

***********************************

~මතු සම්බන්දයි~



No comments:

Post a Comment