10 කොටස
"ඔබ ඇතැම් විට අසා නැතිව ඇති, ස්ථිරාංග රජ්‍යයයේ රජු ප්‍රතාපසිංහ ගැන..ඔහුගෙ මුත්තනුවන්ගෙ කාලයේදි මේ රාජ්‍යයන් සියල්ල එකක්වයි පැවතුනෙ..නමුත් ඔහු මිය ගියායින් පසුව ඇති වුනු යුද්ධයකින් පසුව මෙසේ වෙන වෙනම රාජ්‍යයන් ඇති වුනා..ප්‍රතාපසිංහ රජු සෑම රජ්‍යයකින් ම කප්පම් එකතු කරනවා...ඔහු කෙතරම් දුෂ්ඨ රජ්ව්කුදැයි ඔබට සිතා ගන්නට වත් නොහැකි වේවි.."
එක් වරම ප්‍රභාගේ මුවට නැගුනු දේ ඇය වහා යටපත් කර ගත්තා.සැබවින්ම ඒ සිදුවීම් සියල්ල ඇය දැන සිටියා.ඇගේ පියාණන්ට ද ප්‍රතාපසිංහ රජුට වාර්ශිකව විශාල කප්පමක් ගෙවීමට සිදුව තිබුනා.පිය රජු ඒ පිළිබද කෝපයෙන් කථා කරනු ඇය මාලිගාවේ සිටියදි අසා තිබුනා.ප්‍රතාපසිංහ රජුගේ හමුදාව බලවත් බැවින් කිසිවෙකුටත් ඔහුට එරෙහි වීමට ශක්තියක් තිබුනේ නැහැ.කප්පම් නොගෙවීමෙන් දරුනු යුද්ධයක් සිදු වී තම රාජ්‍යය තමන්ට අහිමි වේ යැයි සියලු රජ්‍යයන් වල රජවරුන් බියෙන් සිටියා..
නමුත් ප්‍රතාපසිංහ රජු මෙලෙස කප්පම් වශයෙන් මුදල්,වස්තුව ආදිය රැස් කරන්නේ මතු දවසක මේ සියලු රාජ්‍යයන් වල අයිතිය තමා යටතට ගැනීමට බව මේ කිසිවෙකුත් දැන සිටියේ නැහැ.
අත්තම්මා මෙසේ පැවසුවා..
"මේ පිරිස අපේ කුමරුගෙ හමුදාව..ඔහු හරිම නිර්භීතයි.පිය රජු දුෂ්ඨ පාලකයෙකුට මෙලෙස කප්පම් ගෙවනු ඔහුට බලා සිටිය නොහැකි වුනා.ඔහු රහසේ මේ වනාන්තරයේ හමුදාවක් සංවිධානය කරනවා..නමුත් පියරජතුමා දන්නේ නැහැ.දන්නව නම් ඔහුට එලෙස කරන්නට ඉඩ දෙන්නේ නැහැ..
"ප්‍රතාපසිංහ රජුගේ හමුදාව සමග සටන් කිරීමට..??"
ප්‍රභා විමතියෙන් ඇසුවා.එය එසේ බව අත්තම්මා පැවසුවා.
"එය කොතරම් දුෂ්කර කාර්යක්ද?"
ප්‍රභාට එවැනි දෙයක් සිතා ගැනීමට වත් නොහැකි වුනා.සැබවින්ම කුමරු කෙතරම් නිර්භීත දැයි ඇය කල්පනා කලා.ඔහුව දකින්නට අත්නම් යැයි ඇයට සිතුනා.
අත්තම්මා සුසුමක් හෙලමින් මෙසේ පැවසුවා.
"ඔවුන් සියලු දෙනාට ආහාර සැපයීම භාර වුනේ මටයි..අද මෙහි පැමිනියෙ කුමරුගෙ හමුදාවෙ සෙන්පති චිත්ත.පෙර වතාවෙදි ඔහු දිවියගෙ ප්‍රහාරයට ලක් වුනා..ඒ නිසා හමුදාව විසිර යැව්වා නායකයෙකු නොමැති නිසා.දැන් ඔහුට සුවයි.ඔවුන් නැවතත් පැමිණ තිබෙනවා.මෙවර ඔවුන් කිසිදු හේතුවක් නිසා නොනවතින බව මට විශ්වාසයි..
ප්‍රභාගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුනා.
දුෂ්ඨ රජෙකුට විරුද්ධව සේනාවක්!! කෙතරම් අපූරුද.. කුමරිය තනිවම සිතන්නට වුනා..
මාත් තරුණයෙකු වුනා නම් නිසැකවම ඔවුන්ට එකතු වෙනවා..ප්‍රතාපසිංහ...ඔහු නිසා මගේ පියා කෙතරම් පීඩනයකට පත් වෙලාද ජීවත් වන්නෙ..ඇයට පිය රජතුමාව සිහි වුනා..දෑස් වලට කඳුළු පිරුනා.අත්තම්මා ට නොපෙනෙන ලෙස ඇය දෑස් පිසදා ගත්තා.
"දුවේ.. මට දැන් තිබෙන ගැටලුව එය නොවේ..ආහාර සපයන්න පටන් ගත්තම ඔවුන් නිතර නිතර මෙහි පැමිනෙනවා..ඇතැම් වෙලාවට තුවාල ලැබූ තරුණයන් මෙහි නතර වී සිටිනවා..ඔබ තරුණියක්.තරුණයන් විශාල පිරිසක් යන එන තැනක ඔබව තබාගෙන සිටීම සුදුසු නැහැ.ඔබේ ආරක්ශාව මා කෙසේ සලසන්නද.."
අත්තම්මා කිසිවක් සිතා ගත නොහැකිව අසරණ ලෙස බලා සිටියා.
කුමරියට එක්වරම යමක් මතක් වුනා.එහෙත් ඇය තව මොහොතක් ඒ පිළිබදව සිතමින් හිද මෙසේ පැවසුවා..
"අත්තම්මෙ ඉතින් මා තරුණයෙකු වෙන්නම්කො.."
"කුමක්ද ඔබ පැවසුවෙ?"
අත්තම්ම විශ්මයෙන් ඇය දෙස බලා සිටියා..
"කුමක්ද එහි තේරුම?"
*******************************
~මතු සම්බන්දයි~
No comments:
Post a Comment