Wednesday, September 14, 2016

කුමරිය ප්‍රභා 39 කොටස

39 කොටස

"හන්සක කුමරු ඔටුනු මංගල්‍යයෙන් පසු මේ රාජ්‍යයේ රජු බවට පත් වෙනවා.. ඔබේත් ඔහුගේත් විවාහ මංගල්‍යය ඉන්පසු පැවැත්වේවි.. මා එවිට බිසවගේ ප්‍රධාන පරිවාර කාන්තාව.. "

සමුද්‍රා සතුටින් පැවසුවා.. ප්‍රභාගේ මුහුණ නැවතත් කෝප ගැන්වුනා..

"සමුද්‍රා..., මා කෙදිනකවත් කුමරු සමග විවාහ වන්නේ නැහැ.. හන්සක.. ඔහු කෙසේද මගේ කිසිදු අවසරයක් නොමැතිව විවාහ මංගල්‍යයක් පිලිබදව පවසන්නෙ.."

කුමරියගේ දෑසින් කදුලු බිදු එක දෙක වැටෙන්නට වුණා..

"සමුද්‍රා , කරුණාකර..කරුණාකර මාව සප්ත අසලට රැගෙන යන්න.. ඔහුට කෙසේද කියා සොයා බැලීමට අවශ්‍යයි.."

ප්‍රභාගේ වතෙහි වූ කදුළු දැකීම සමුද්‍රාටද දරා ගත නොහැකි වුනා.. නමුත් තමා ප්‍රභාට සත්‍ය පවසන තෙක් කිසිවක් නොපවසන ලෙස කුමරු සමුද්‍රා ටද පවසා තිබුනා.. කුමරියගේ ඇවිටිලි වලින් බේරීමට අපහසුම තැන සමුද්‍රා මෙසේ පැවසුවා..

"හොදයි කුමරිය.. එසේ නම් ඔබ කුමරුන් මුණ ගැසී පවසන්න, ඔබ ඔහුට අකමැති බව.. මෙලෙස ඔබ පිලිබද බලාපොරොත්තු තබා නොගන්න යැයි පවසන්න එසේ නම්.."

කුමරිය එයට එකග වුණා..

"ඔව් මා එසේ පවසනවා.."

කුමරු මුණ ගැසීමට යාම සදහා සමුද්‍රා විසින් ගෙනවිත් තිබූ ඇදුම් ආයිත්තම් වලින් ප්‍රභා කුමරිය සැරසුනා.. සඳලු තලයේ දොරටුව වෙත කුමරියව ඇරලූ සමුද්‍රා එතනින් පිට වුණා..
තමාට පිටු පා සිටින කුමරු දෙස කුමරිය මොහොතක් බලා සිටියා.. ප්‍රථමයෙන් කුමක් පවසන්නේදැයි ඇය සිතමින් සිටියා.. අවසානයේදී කුමරිය මෙසේ පැවසුවා..

"කුමරුනි.., මට ඔබට යමක් පවසන්න තිබෙනවා.."

මඳ නිහැඩියාවකින් පසු කුමරු ගැඹුරු හඩක් මවා ගනිමින් මෙසේ පැවසුවා..

"පවසන්න.."

ලද අවසරයෙන් ප්‍රභා මෙසේ පැවසුවා..

"මට ඔබ සමග විවාහ වීමට නොහැකියි.. මා පිලිබද බලාපොරොත්තු තබා ගන්නට එපා කුමරුනි.."

එක් වරම කුමරුන් ඇය දෙසට හැරෙමින් මෙසේ විමසුවා..

"හේතුව..හේතුව අර සප්ත කියන සෙන්පතියාද.. ඔහු මගේ කුමරියගේ සිත සොරාගෙනද..? ඔහුව වහාම නෙරපා දැමිය යුතුයි.." ;)

ලෙන්ගතු ඒ සිනාවද මවා ගනිමින් හන්සක ඇය ඉදිරිපිට සිටියා...

"සප්ත ඔබ..."

"සප්ත නොවෙයි...මා හන්සක කුමරු.. සමාවෙන්න මගේ කුමරියනි එය ඔබට පැවසීමට මෙතරම් ප්‍රමාද වීම පිලිබදව.."

කුමරියට කිසිවක් සිතා ගත නොහැකිව මොහොතක් ඔහු දෙස බලා සිටියා..

"සප්තව හමු වීමට අවශ්‍ය යැයි මා කුටියේදි කෑ ගසන විට කිසිවෙකුත් කිසිවක් පැවසුවෙ නැහැනෙ.. ඔබද එසේ නම් හන්සක කුමරු.. "

ප්‍රභා මදක් ලැජ්ජාවෙන් පැවසුවා..

"මමයි කිසිවක් නොපවසන ලෙස ඔවුන්ව වැලැක්වුවෙ.."

ප්‍රභා ඔහු අසලට පැමිණ ඔහුගේ වම් බාහුව මත තම සුරත සෙමින් තබා මෙසේ විමසුවා..

"ඔබට දැන් කෙසේද.."

"රාජ්‍යයේ වෙදැදුරන් පැමිනෙන තෙක් අත්තම්මා තමයි ප්‍රතිකාර සියල්ලක්ම කලේ.. වේදනාව මදක් තිබෙනවා තවම.. "

"අත්තම්මා පැමිණියද මෙහි..? ඇයව මුණ ගැසීමට අවශ්‍යයි.."

ප්‍රභා විශ්මයෙන්ද සතුටින්ද විමසුවා..

"හොදයි අප එහි යමු.."

ඔවුන් දෙදෙනා අත්තම්මා සිටින කුටිය වෙතට පිටත් වුණා..

*************************************

~මතු සම්බන්දයි~

No comments:

Post a Comment